32 C
Colombo
Wednesday, April 2, 2025

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

- Advertisement -

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත් ඉන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බවයි.

අමාත්‍යවරයා පැවසුවේ, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

කච්චතිව් ගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම...

POPULAR ARTICLES

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

බැට්මෑන්ට රඟපෑ සුපිරි හොලිවුඩ් නළුවා සමුගනී

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු වුණා. 1959 දෙසැම්බර් 31 වන දින...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...