දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වනවා.
අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් නොමැතිව දුම්රිය ධාවනය වීමටනම් අවම වශයෙන් දුම්රිය එංජින් 60ක ප්‍රමාණයක් අවශ්‍ය බව සඳහන් වනවා.
කෙසේවෙතත්, මේ වනවිට ධාවන තත්ත්වයේ ඇති දුම්රිය එංජින් 50න් බෝහෝ ප්‍රමාණයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සාමාන්‍යයෙන් දුම්රිය එංජිමකට රැගෙන යා හැකි බර ප්‍රමාණයක් තිබුණ ද ප්‍රමාණය ඉක්මවා බර රැගෙන යාම ඊට හේතු වී තිබෙනවා.
එමෙන්ම දුම්රිය එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස්වල හිඟයක් පසුගිය කාලය පුරාවට දක්නය ලැබුණා.
කෙසේවෙතත්, මේ වනවිට එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන අමතර කොටස් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළා.
ඒ අනුව, ඉදිරියේ දී ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකි බව සඳහන් වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එංජින්වලින් බෙහෝ ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ධාවනය කිරීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව තිබෙනවා.