25 C
Colombo
Sunday, December 15, 2024

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

- Advertisement -

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මැති ඇමතිවරුන්ගේ නම් සමඟ සඳහන් කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතු වීමත් සමඟ මෙම තොරතුරුවල නිරවද්‍ය බව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙලෙස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කිරීම භාරව සිටින නිලධාරීන්ගෙන්  පැහැදිලි කිරීම් ලබා ගැනීමටද පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සඳහන් ව තිබු ආචාර්ය නාමය සම්බන්ධව පාර්ලිමේන්තුව ඊයේ (13) නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයේ සඳහන් වුණේ  පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ ගරු හෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාරය යනුවෙන් සඳහන් වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසු වීමකින් සිදු වූවක් බවයි.

RECENT ARTICLES - SINHALA

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

එන සතියේ පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරු 5ක්

මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ නීතීඥ ෆයිසර්...

POPULAR ARTICLES

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

සේරුවාවිල නාහිමියන්ට රන් සම්මානයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල...