28 C
Colombo
Tuesday, September 17, 2024

රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක් 

- Advertisement -

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකියි.

ත්‍රිකුණාලමය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා, ඉහළ යා හැකි වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...