තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් 16 හැදිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ ඩී.එම්. සෙනර ඩිල්ශාන් (16) නැමැති පාසල් සිසුවෙක්.
අද (20) අලුයම 4.30 ට පමණ පස්කන්ද නිවසට කඩා වැටී ඇතිි අතර නිවසේ නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතර සිරව සිටියදී ගොඩ ගෙන මැදමහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.