29 C
Colombo
Sunday, November 24, 2024

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පැනලා

- Advertisement -

වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවයි.

දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ, 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් බව වාර්තා වනවා.

මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය සඳහන් කළා.

දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වනවා.

මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට ඇය විසින් ලියා තිබූ ලිපියකින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, ලංකා විදුලි බල...

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු...

නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ...

POPULAR ARTICLES