26 C
Colombo
Friday, October 25, 2024

සීල් තැබූ මන්ත්‍රීගේ සුරාසැලක් නැවත පැරණි බලපත්‍රයටම විවෘත කරලා

- Advertisement -

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරින් පිරිසක් මගින් කල වැටලීමකදී හුනුවල මැටිහක්වල හන්දිය ආසන්නයේ (ස්ටෝරුව අසල) සුරාබදු පනත උල්ලංඝනය කිරීම නිසා සුරා සැලක් මාස 6කට පමන පෙර සීල්තබා තිබෙනවා.

මෙලස සීල්තබා තිබු සුරාසැල ඊයේ දින (15) නැවත පැරණි බලපත්‍රයටම විවෘත කර තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදිතා ප්‍රියශාන්ති සොයිසා මහත්මියගේ මත්පැන් බලපත්‍රය බවයි සඳහන් වන්නේ.

තවද ගල්හිර හන්දිය හුනුවල ඕපනායක යන ලිපිනයේ පිහිටි හොටෙල් හිල්රෝ නමැති හෝටලයට නව සුරාසැල් බලපත්‍රයක් (ර.බී.07/08) ඉල්ලුම් කර තිබෙන බවට වාර්තා වෙනවා.

එම නව සුරාසැල සම්බන්ධයෙන් විරෝධතාවක් ඇත්නම් ග්‍රාමසේවක හෝ ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එන්.එම්. මුදිතා ප්‍රියශාන්ති ජිනදාස, ටී.එල්.පී. ද සොයිසා සහ ටී.ටී.එන්. ද සොයිසා යන පුද්ගලයින් විසින් දැන්වීම් ප්‍රසිද්ධ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මීට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් ඊයේ ප්‍රදේශයේ කලුකොඩි ඔසවා තිබුණු අතර අද දින (16) ප්‍රදේශයේ හිමිවරුන් දහම්පාසල් ගුරුවරුන් පාසල් දරුවන් මෙන්ම විශාල පිරිසක් බදුල්ල කොලඹ මාර්ගය අවහිර කර විශාල විරෝධතාවක නියලෙමින් තම ගමට නැවත සුරාසැලක් අනවශ්‍ය බව පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

දිලිත්ගේ අපේක්ෂකෙගේ පාටියේ කෑම පොලීසියෙන් උස්සලා

සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...