26.1 C
Colombo
Wednesday, April 2, 2025

උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

- Advertisement -

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබෙනවා.

එමගින් අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.

විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවද දක්වා ඇති අතර එහිදී හඳුනාගත් රෝගී තත්ත්වයන් සහිත සහභාගී වන්නන් ඔවුන්ගේ නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරු වෙතින් අදාළ ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්‍ය බව ප්‍රකාශ කරමින් වෛද්‍ය අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවද දක්වා තිබුණා.

තවද අලුත් අවුරුදු සමයේ සෑම ක්‍රීඩා උත්සවයකදීම පැවැත්වෙන කොට්ට පොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයාමේ තරගය, ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනි රේස් වැනි තරග ඉසව් සඳහා ද විශේෂිත මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකය කටයුතු කර ඇති අතර එම ඉසව් සඳහා වෙන් වෙන් වශයෙන් වූ මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට එම ඒකකය කටයුතු කර තිබෙනවා.

එම සම්පූර්ණ මාර්ගෝපදේශය පහතින්,

RECENT ARTICLES - SINHALA

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. හිටපු ජනාධිපති...

POPULAR ARTICLES