28 C
Colombo
Thursday, January 9, 2025

අහුංගල්ලේ වෙඩිතැබීමක්

- Advertisement -

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...