කොස්ගොඩ පොලිස් වසමේ මහ ඉඳුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිත හා දේපල හානි කිසිවක් සිදුවි නැහැ.
පොලිසිය පවසන්නේ නිවස ආසන්න ප්‍රදේශයේ තිබී අපරාධය සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හමු වී ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.