24 C
Colombo
Sunday, January 5, 2025

මාතර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

- Advertisement -

මාතර පොලිස් බල ප්‍රදේශයේ සම්බෝධි මාවත, පල්ලිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට ඊයේ (14) අලුයම් කාලයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ විදේශගතව සිටින පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

9 MM වර්ගයේ පිස්තෝලයකින් වෙඩි පහර 05ක් තබා සැකකරුවන් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

වෙඩි පහර නිවසේ තිබූ මෝටර් රථයට, ත්‍රිරෝද රථයට හා නිවසේ බිත්තියට වැදී ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවට වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමට හේතුව 2010 වර්ෂයේ දී සිදු වූ සිදුවීමක් බව පොලීසිය පවසනවා.

කැකනදුර ප්‍රදේශයේ පදිංචි ව සිටි රංගන නමැති පුද්ගලයෙකු, කැකනදුර නීල් නමැති පුද්ගලයෙකු විසින් ඇල්ලකන්ද රක්ෂිතයට රැගෙන ගොස් පහර දී ඝාතනය කර පුළුස්සා දැමූ සිද්ධියක නඩුකටයුත්තක් සඳහා සැකකරුට විරුද්ධව සාක්ෂි ලබා දීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES