28 C
Colombo
Wednesday, April 9, 2025

දේශිය චිත්‍රපට පෝළිමට විසඳුමක්

- Advertisement -

දීර්ඝ කාලයක් පුරා විවිධ හේතුන් මත ප්‍රදර්ශනය කිරිමට නොහැකිව පෙළ ගැසී ඇති දේශීය චිත්‍රපට කඩිනමින් අවසන් කිරිමට කටයුතු කිරිම පසුගිය වසර ගණනාව පුරා ජාතික චිත්‍රපට සංස්ථාවට දැඩි අභියෝගයක්ව පැවතුණා.

මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා Flickoo ආයතනය හා ජාතික චිත්‍රපට සංස්ථාව අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පවත්වා තිබෙනවා.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව , Flickoo ආයතනය සමග එක්ව ගෝලීය ඩිජිටල් අවකාශයට මෙරට චිත්‍රපට මුදාහැරිමට වැඩපිළිවලක් සැකසීමට කටයුතු කරනු ඇති.

මෙමඟින් ලොව පුරා විසිරී සිටින ශ්‍රි ලාංකේය සිනමා රසිකයින්හට චිත්‍රපට නැරඹීමේ පහසුකම හිමිවනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රි ලාංකේය සිනමාව ඩිජිටල්කරණය සහ online streaming , චිත්‍රපට කර්මාන්තයේ නව ආදායම් උත්පාදනය , දේශීය චිත්‍රපට ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය , අංකුර සිනමා කරුවන් උදෙසා ඩිජිටල් වේදිකාව පුළුල් කිරීම, ගෝලීය අවකාශයේ දේශිය චිත්‍රපට ලේඛනගත කිරිම සහ සංස්කෘතිය සුරැකිම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමුවි තිබෙනවා.

Flickoo යනු ශ්‍රි ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාම සදහා නිර්මාණය කරන ලද විශේෂිත ඩිජිටල් වේදිකාවක්.

RECENT ARTICLES - SINHALA

සතුන්ට රක්ෂණාවරණයක්

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත්...

දූෂණ වංචාවලට රාජ්‍ය නිළධාරීන් වඟකියන්න ඕන – විගණකාධිපති

මෙරට සිදුවන දූෂණ සහ චංචා සඳහා දේශපාලඥයින් මෙන්ම, ඉන් කොටසකට ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු බව රජයේ විගණකාධිපති W.P.C. වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අනුව,...

වෙලාව ආවම අපේ හයිය පෙන්වන්නම් – නාමල්

වෘත්තීය සමිති භාවිතා කර ජනතාව උසිගන්වා, කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කිරීමට විපක්ෂය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සතුටට පත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

POPULAR ARTICLES

සතුන්ට රක්ෂණාවරණයක්

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත්...

දූෂණ වංචාවලට රාජ්‍ය නිළධාරීන් වඟකියන්න ඕන – විගණකාධිපති

මෙරට සිදුවන දූෂණ සහ චංචා සඳහා දේශපාලඥයින් මෙන්ම, ඉන් කොටසකට ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු බව රජයේ විගණකාධිපති W.P.C. වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අනුව,...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළෙඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPl) අද (09) ඒකක251.76 කින් පහත වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 14,875.95ක් ලෙසින්. ඒ...