දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (02) උදෑසන තද වැසි ඇති වීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාව වෙනස් වීමෙන් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස උදෑසන වැසි ඇති වීම තාවකාලික තත්ත්වයක් බවයි.
තවද දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ලබන 08 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර අද (02) පස්වරු 02න පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.