ත්‍රිකුණාමලය වෙරළ තීරයට ඊයේ (12) ගොඩගසා තිබූ කළු පැහැති ආගන්තුක ද්‍රව්‍යය නෞකාවකින් මුහුදට මුදා හරින ලද අපද්‍රව්‍යයක් විය හැකි බවට මේ වන විට සැක පළකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිකුණාමලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර කළමනාකාර පී. ශ්‍රීපති මහතා මේ බව පවසනවා.
අද (13) ඔහු ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වූණා.
එහිදී ආගන්තුක ද්‍රව්‍යවල සාම්පල කිහිපයක්ද රැගෙන ගොස් තිබුණා.