27 C
Colombo
Saturday, October 26, 2024

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්

- Advertisement -

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කරගනිමින් සහල් තොග පිළිබඳ සංගණනය සිදු කෙරෙනු ඇති.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඊට අදාළ වාර්තාව සඳුදා දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි. 

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පසුගිය දිනවල දිගින් දිගටම පාරිභෝගිකයින් චෝදනා කළා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මහ පරිමාණ සහල් මෝල් ව්‍යාපරිකයින් ගෙන්වා සාකච්ඡාවක් ද පැවැත්වු අතර එහිදී පාලන මිලට සහල් අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

භාවිතයට නොගන්නා රජයේ වාහන ගැන තීරණයක්

අමාත්‍යංශවල භාවිතයට නොගන්නා කැබ් රථ අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට පුවතක් වාර්තා වෙනවා. පරිසර, වනජීවි, වන සම්පත්,...

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ...

ඡන්ද ප්‍රචාරණයට ගිය කාන්ති කොඩිකාරට ප්‍රහාරයක්

මැතිවරවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්වූ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...