28 C
Colombo
Tuesday, October 15, 2024

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

- Advertisement -

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයත් තිබුණොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණදෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්නත් මේ කමිටුව තීරණය කරලා තිබුණා.

මේ අතර පසුගිය දා සිදුකළ මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ මිල ගණන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“ආණ්ඩුව ඉන්ධන මිල අඩුකළාට බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩුවුණා නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකරලා නැහැ. ඒ නිසා මේ කමිටුවට නිර්දේශ කළා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීලා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වෑන් සහ බස් රථවලත් මිල අඩුකරන්න තීන්දු ගන්න ඒ සඳහා වාර්තාවක් කැඳවන්න තින්දුකරලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

ළමා නිවාසයේ මුරකරු ඝාතනයකට ළමුන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට...

රුසියානු සිසුන් දෙදෙනෙකුට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි...

කොදෙව්වන්ට ලකුණු 163ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...