ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ද අද පස්වරු 2.00 ට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.