27.6 C
Colombo
Monday, March 31, 2025

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විශේෂ පරීක්ෂණයක්

- Advertisement -

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ එම නීති විරෝධී ක්‍රියාවේ යෙදුණු  කණ්ඩායම්වලට එරෙහිව  තරාතිරම නොබලා කටයුතු කරන බවයි.

විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය මාධ්‍යවලට නිකුත් කිරීමෙන් විභාගයේ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවූවද ඉන් දරුවන්ගේ මානසික තත්වයට බලපෑමක් එල්ල විය හැකි බව විභාගකොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී  ඊයේ (15) පැවත්වුණ අතර එම විභාගයට අපේක්ෂකයන් තුන් ලක්ෂ  තිස් හත් දහස් නවසිය පනස් හයක් පෙනී සිට තිබෙනවා.

කෙසේවෙතත්, විභාග කටයුතු අවසන් වී පැය  දෙකක් ගතවීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබූ බව දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය පෙරේදා අවසන් වී පැය දෙකක් ගතවීමටත් පෙර මෙසේ පිට වී ඇත්තේ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රය සහ අංක  218013 දෙවැනි ප්‍රශ්න පත්‍රයයි.

විභාගයක්  නිමවී ප්‍රතිඵල පිටවන තෙක් විභාග  ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය  ලේඛන වන අතර ඒවා ඊට පෙර ප්‍රසිද්ධියට  පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බව විභාග දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...