29 C
Colombo
Saturday, July 6, 2024

ගම්පහ ගංවතුර ගැන සොයා බැලීමට විශේෂ මෙහෙයුමක්

- Advertisement -

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

දඩුගං ඔය, ජා ඇල, මාකිලන්ගම ඔය, උරුවල් ඔය, කුන්දිවල ඇල, මාපලම් ඔය, දඩුලහ ඇල, දී එළි ඔය, අත්තනගලු ඔය ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ප්‍රධාන ජලමාර්ග 09 ක් තිබෙනවා. මෙම ඇල මාර්ගයන්හි ජලය බැසයාම සිදුවන්නේ ප්‍රධාන ස්ථාන ද්විත්වයකින්. ඒ ජා ඇල සහ දඩුගං ඔයයි.

සීදුව ආසන්නයේ පිහිටි මීගමු කළපුවෙහි මෝය ආශ්‍රිත දඩුගං ඔය සහ අත්තනගලු ඔයෙහි ජල බස්නා පිළිබඳව නිරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ තේක්ක ඇල සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති අතර අනවසර ඉදිකිරීම් හා අක්‍රමවත් ඉදිකිරීම් ගණනාවකින් යුක්ත බවයි.

RECENT ARTICLES - SINHALA

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා...

රාජ්‍ය අංශයේ වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ...

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...