31 C
Colombo
Wednesday, February 19, 2025

නිදහස් දින සැමරුම් උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති ප්‍රවෘත්ති සකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේ, නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවයි.

ඒ අනුව, මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත්, ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

මිද්දෙණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් එළියට

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් "කජ්ජා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා අපරාධ රැසකට...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

මිද්දෙණිය වෙඩි තැබිමක්; පියා සහ දියණිය මරුට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී ඊයේ (18) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා. යතුරුපැදියකින් ගමන් කරමින්...