28.8 C
Colombo
Tuesday, April 1, 2025

ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා පවසනවා.

ඒ අනුව අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇති.

දේහය හෙට (25) උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

26 වනදා සවස 2 සිට 5 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින සවස 6 සිට 27 වනදා සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 27 වනදා සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට ඔහු 80 වැනි වියේ පසු වුණා.

RECENT ARTICLES - SINHALA

එස්. එෆ්. සරත්ට මරණ දඩුවම;දෙමටගොඩ චමින්ද නිදොස් කොට නිදහස්

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින්...

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...

POPULAR ARTICLES