28 C
Colombo
Saturday, October 5, 2024

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

- Advertisement -

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන් කළේ, කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් අනිද්දාට (07) පෙර ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

“ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මඟින්. යම් කිසි පුගලයෙක් සතුව තොරතුරු තියෙනවානම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ කියන ප්‍රශ්නවලට අමතරව වෙනත් ප්‍රශ්න තියෙනවානම් , ඔවුන්ට අවස්ථාව තියෙනවා සාක්ශි සහිතව 07 වන දින හෝ ඊට පෙර කොට්ඨාශ භාර නිලධාරී කාර්යාලය වෙත ගිහින් පැමිණීලි කරන්න, එලෙස යෑමේ අපහසුතාවයක් තියෙනවාන, ළඟම ඇති පොලිස් ස්ථානයට ගිහින් පැමිණීලි කරන්න පුළුවන්, මේ සියලු පැමිණිලි සහ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමු කරනවා, මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙන්නේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවූ බව පමණයි”  

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...