කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (10) දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ මේ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.
එම කාලය තුළ ඉහත ප්රදේශයන්හි උස් ප්රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.