26.1 C
Colombo
Friday, December 27, 2024

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

- Advertisement -

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව පවසා සිටියා.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා සේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් කර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසු ගුණසේකර මහතා එය මාධ්‍ය සංදර්ශනයක් නොවන පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන වැඩසටහනක් බව ද අවධාරණය කර සිටියා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබීම නිසා ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් ලෙස සළකා ලබන වසරේදී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ; බස්නාහිර, සබරගමුව, දකුණු,...

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස්...

රෝදයක් නිසා සිදුවු මාරක අනතුරක්

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම...

POPULAR ARTICLES

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ; බස්නාහිර, සබරගමුව, දකුණු,...

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස්...

මංගල ගමන අරඹපු චීනයේ Tansuo 3

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද "Tansuo 3" නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට...