අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, ගාල්ල – තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතුද මේ හා සමගාමීව සිදු කිරීමට නියමිත බවයි.