මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙනවා.
ඒ අනුව, එම කාලය තුළද , සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවයි.
“දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකරන්න බැහැ. ඒ නිසා මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙනවා. තවදුරටත් දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරනවා. බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් තුළ විශේෂ ආරක්ෂාවක් සපයනවා.”
මේ අතර, මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, අපේක්ෂකයින් 18 දෙනෙකු ද, ඒ අතර වන බවයි.
පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 147ක්.