27 C
Colombo
Wednesday, October 23, 2024

ආරුගම්බේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ, මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවයි.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වනවිට ලැබුණු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම​ට සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 03 කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

විදේශිකයන්ගේ ආරක්ෂාව, ඔවුන් සිටි​න ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව, විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් එකතුවෙන් සැලසූ බවද ඔහු පැවසුවා.

එමෙන්​ම නිශ්චිත තොරතුරු ලැබීම නිසා මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට​ම විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් යට​තේ ක්‍රියාත්මක කළ බවත් අද පෙරවරුවේද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...