28 C
Colombo
Thursday, September 19, 2024

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක්

- Advertisement -

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා මෙම දුම්රියන්වල ගමන් කළ හැකියි.

අද (19) සහ අනිද්දා(21) දිනයන්හීදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා උදෑසන 9.00ට එක් දුම්රියක් ධාවනය වීමට්ට නියමිතයි.

කන්කසන්තුරයි සිට කොළඹ කොටුව දක්වා ද හෙට(20) සහ 22 වැනි දා විශේෂ දුම්රිය වාර 2ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

මේ අතර මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි.

22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන අතර කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...