30 C
Colombo
Sunday, October 6, 2024

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රි ලන්කන් යානයක් යළි ගොඩබස්වයි

- Advertisement -

කාර්මික දෝෂයක් හේතුවෙන්, දකුණු කොරියාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය අංශය පැවසුවේ, යූ.එල්.- 470 දරන ගුවන් යානය, මගීන් 144 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු සමග ඊයේ (07) පස්වරු 06.20 ට කටුනායක ගුවන් තොටුපොලේ සිට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා ගමන් ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ කාර්මික දෝෂයකට ලක් වීම නිසා නැවත රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බැස්සවූ බවයි.

මෙම ගුවන් මගීන් පිරිස, වෙනත් ගුවන් යානයකින් දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට සැළසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....