කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්.
අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04 වැනිදා රැකියා සඳහා කාම්බෝජය බලා පිටත්ව ගොස් තිබුණා.
පසුගිය මස 22වැනිදා ඔහු මියගොස් තිබෙන්නේ, ඉහළ මහලකින් බිමට ඇඳ වැටීමකින්.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් දැනුවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.
ඔහුගේ මෘත දේහය දිවයිනට රැගෙන එන්නේද නැතහොත්, කාම්බෝජයේදී අවසන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව ඥාතීන්ගේ ප්‍රතිචාර අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.