යාපනය දිස්ත්‍රික්කයේ උපන් දෙමළ ජාතික කාන්තාවක් වන ක්‍රිෂ්ණි රිෂිකරන් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වී සිටිනවා.
ඇය සිය මව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියෙකු සමග ලන්ඩනයට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකයි.
කටුක අත්දැකීම් සම්භාරයක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩනයේ පුණ්‍යායතනයක හා තවත් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථනයක සේවය කරනවා.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ක්‍රිෂ්ණි තමන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත්වලට තරග කරණ බව පවසනවා.