26.1 C
Colombo
Sunday, November 24, 2024

තෙරපීමකින් දකුණු කොරියාවේ 149 ක් මරුට. ශ්‍රී ලාංකිකයෙකුත් ඒ අතර

- Advertisement -

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (29) පැවති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 149ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීමෙන් තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මෙලෙස මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් යොවුන් වියේ තරුණයින් බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බව එරට ගිනිනිවන හමුදාව පවසනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට සිට දින තුනක වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය...

මහ ඡන්දෙට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ට නිවේදනයක්

මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දේශපාලන පක්ෂ හා ස්වාධීන...

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES