28 C
Colombo
Saturday, September 14, 2024

හිරුණිකා රනිල් ළඟට යන එක ගැන ප්‍රකාශයක්

- Advertisement -

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වෙන බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

සමඟි ජන බලවේගයේ පැල්මඩුල්ල කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට එක් වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

ඇය එහිදී සඳහන් කළේ තමා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම වෙනුවෙන් සමඟි ජන බලවේගය සමඟ එක් වූයේ ඔහුට අපහසු කාල සීමාවකදී බවයි.

එළඹෙන ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව දැන දැනම එම පාර්ශවය හැර යාමට තමන් කිසිසේත්ම අපේක්ෂා නොකරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී පවසා සිටියා.

තමා කිසි දිනෙක මන්ත්‍රීකම් ඉල්ලා ලබා ගැනීමට සූදානම් නොමැති බවත් මන්ත්‍රීකමක් ලබා දුන්නොත් පමණක් එය කැමැත්තෙන් භාර ගන්නා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී තවදුරටත් සඳහන් කළා.

“ලැයිස්තුවෙන් ආවා පිං මන්ත්‍රී කමක් , මම කවදාවත් එහෙම ඉල්ලල පස්සෙන් යන කෙනෙක් නෙමෙයි. මට දෙනවනම් ආදරෙන් කැමැත්තෙන් භාර ගන්නවා. හැබැයි එහෙම හැකියාවක් නැත්තම් ..මේක පක්ෂයක්නෙ මේක සන්ධානයක් මේක ඇතුළේ වෙනත් ඉල්ලීම් තියෙනවා..එහෙම වෙලාවක මම කැමති නැහැ මගේ නායකයාව බිත්තියට හේත්තු කරන්න.

“රනිල්ගේ ගේ ඉස්සරහට ගිහිල්ල කෑ ගහපු දවසේ… එදා දැක්කෙත් නැහැ , එතනින් එහාට කටහඬක්වත් අහලත් නෑ, මම සජිත් ප්‍රේමදාසත් එක්ක අමාරු කාලෙ සම්බන්ධ වෙච්ච කෙනෙක්, මෙච්චර කාලයක් කොටන් ඇදලා මහන්සිවෙලා ලංකාව පුරා කාන්තාවො සමඟ රැස්වීම් කරලා, දවස් ගාණකින් ජනාධිපති වෙන්න තියෙද්දි  දාලා යන්න මට පිස්සුද? මේ තේරුම් ගන්න එපැයි..සජිත් ප්‍රේමදාස විසින් පොරොන්දුවක් විදියට මට කියලා තියෙනවා, මම නීතියට අත තියන් නෑ මම කුඩුකාරයන්ව නිදහස් කරන්නෙ නෑ, මම මිනීමරුවෝ නිදහස් කරන්නෙ නැහැ මම එහෙම පුද්ගලයෙක් නෙමෙයි කියලා”

RECENT ARTICLES - SINHALA

අද විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...