29 C
Colombo
Tuesday, September 24, 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන හරිනිගෙන් ප්‍රකාශයක්

- Advertisement -

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද (24) දිනයේ බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කළා.

ඒ මහත්මිය තවදුරටත් සඳහන් කළේ, අප විශ්වාස කරමින් ජන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නා.

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් දැක්වූ අදහස්,

“දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.”

RECENT ARTICLES - SINHALA

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත් පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත...

නව ලේකම්වරුන් පත් කෙරේ

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15...

Breaking: ජනපති යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශය මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...