24.7 C
Colombo
Monday, November 25, 2024

මහ විරු සැමරුම් ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්

- Advertisement -

එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති නමුත් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොකරන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසනවා.

ගල්ගමුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

උතුරේ ජනතාව ඇතැම් අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා තිබුණා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, උතුර , නැගෙනහිර, දකුණ, කඳුරට හෝ ඕනෑම අයෙකුට තමන්ගේ මියගිය දරුවන් ඇත්නම් ඔවුන් සිහිපත් කිරීමේ අයිතිය ඇති බවයි.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින් බෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව කොටි සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය ස්ථාපිත කරන බව. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගේ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් සැමරුම් කරන්න. එහෙත් අපි කිසි විටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියකු සිහිපත් කිරීමට”.

RECENT ARTICLES - SINHALA

Breaking: සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි...

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 13 වත්ත ප්‍රදේශයේදි අද (25) අලුයම 3ට පමණ දෙපිරිසක් අතර අතිවු ගැටුමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල - වැල්ලම්පිටිය...

මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ...

POPULAR ARTICLES