31 C
Colombo
Thursday, December 19, 2024

පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

- Advertisement -

පරාටේ  නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමට නියමිතව තිබුණු නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති බැවින් එය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

“පරාටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමටට තිබෙනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී එළිදරව් වුණේ ණය ගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බව. එනිසා අප සැලැස්මක් සකස් කළා. පරාටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.

තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය  ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ  නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වෙනි දා දක්වා කාලසීමාවක් ලබා දී තිබෙනවා. 

හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාල සීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

හිංසනයට ලක්වෙන කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන තීරණයක්

හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය...

හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත...

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වෙනස් වෙයි

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා...

POPULAR ARTICLES