ඇමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බව ප්‍රසිද්ධ සමාජ ජාල වීඩියෝ යෙදවුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චී ෂොව් ෂී පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ටික්ටොක් යෙදවුම භාවිත කරන ඇමෙරිකානු පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 150 ඉක්මවන බවයි.
චීන රජය හෝ එහි පාලනයේ පවතින කිසිදු නියාමන ආයතනයක් ටික්ටොක් යෙදවුම පාලනය කිරීම සඳහා මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.