ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබූ අතර ඒවා සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබූ අතර ගොඩබිමට රැගෙන ඒමන් පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයි.