නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් තිබියදී මෙසේ සොයා ගැණුනා.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලගනයේ කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කර තිබුණා.
නාවික හමුදාවේ මෙහෙයුම් හමුවේ පාර්සල් 46ක අසුරා තිබු මෙම කේරළ ගංජා තොගය ඒවා රැගෙන ආ සැකකරුවන් විසින් මුහුදේ අතහැර දමා ඇති බවට නාවික හමුදාව සැක පළ කරනවා.