හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කාන්තන්කුඩිය පොලීසිය පවසන්නේ එම කාර්යාලයට ගල්වලින් පහරදී බැනර්වලට හානි සිදු කළ බව කියන වෙනත් පක්ෂයක ආධාරකරුවකු අත්අඩංගුවට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27ක් වයසැති පුද්ගලයෙක්.
එක්තරා පක්ෂයක ආධාරකරුවන් 5 දෙනකු පමණ ඊයේ (06) රාත්‍රී 10.00 ට පමණ එම කාර්යාලය අසලට පැමිණ බැනර් ඉරා දමා ගල්වලින් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කාන්තන්කුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.