ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසලදි දුම්රිය මාර්ගයට අද (01) උදැසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාර්ගයට හානි සිදු වී තිබෙනවා.
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදී බිංගෙය අසල උස් ඉඩමක තිබූ ගලක් පෙරළී ඇති අතර එහිදී දුම්රි මාර්ගයටද දුම්රියේ ඉන්ධන ටැංකියටද හානි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේ ඉන්ධන කාන්දුවක් සිදුවු බවත් මෙම දුම්රියේ එන්ජින් දෙකක් තිබෙන නිසා පසුව අනෙක් එන්ජිමෙන් දුම්රිය ධාවනය කිරිමට පියවර ගත් බවත් දුම්රිය දෙපාරතමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළා.