29 C
Colombo
Friday, July 5, 2024

සාගරගෙන් අමුතු කතාවක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වන බවයි කාරියවසම් මහතා එහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වන්නේ පක්ෂයේ අපේක්ෂකයෙන් ඉදිරිපත් කිරීම බව ඔහු පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මට්ටමේ පුද්ගලයින් ගැලවී ගියද ඊට පහළ කිසිවෙක් ඔවුන් සමඟ නොයන අතර ඩලස් අලහප්පෙරුම මහතා කණ්ඩායමට වූ දෙයින් එය සිතා ගත හැකි බවත් මහින්ද චින්තනයට ගරු කර ඒ සමඟ එක්ව සිටින ජනතාව කිසිවිටෙකත් එය හැර දමා නොයන බවට විශ්වාසයක් ඇති බවත් කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ,...

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න දැන් පටන් ගත්තා – රනිල්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින්...

සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම් දිමක්

2024 වර්ෂයේ පාසල් සිසුවියන්හට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) මෙම මස 10 වනදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...