32 C
Colombo
Friday, January 10, 2025

කැළණි විශ්ව විද්‍යාලයේ සිසුවෙක්ට පහරදීමක්

- Advertisement -

කැළණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වදය දුන් බවට පවසමින් එම විශ්ව විද්‍යාලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු පොලීසිය වෙත ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වන්නේ බාහිර පෙනුව සම්බන්ධයෙන් දෝෂාරෝපනය කර රැවුල හා කොණ්ඩය බූගා දමන ලෙසත්, සපත්තු වෙනුවට පාවහන් පළදින ලෙසත් අත්ඔරලෝසු නොපදිලන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පවසමින් තමාව විශ්ව විද්‍යාල ආපනශාලාව වෙත රැගෙන ගිය බවයි.

ඉන්පසු තිදෙනෙක් මොහුගේ මුහුණට සහ ඇගට පහර දී තිබෙනවා.

අදාළ අවස්ථාවේ එම ස්ථානයේ සිසුන් හත් දෙනෙක් සිට ඇති අතර ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් දුටුවහොත් හඳුනාගත හැකි බවයි පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශය සටහන් වන්නේ.

පහරකෑමට ලක් වූ සිසුවා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...