පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකු සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
පේරාදෙණිය පොලීසිය කියා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිලිය තුළ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක තිබෙනවා.
අනතුරුව ඒ බව සිසුන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.