29 C
Colombo
Wednesday, April 30, 2025

සිසුවකුගේ කන කපයි

- Advertisement -

වඳුරඹ ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

නාගොඩ පොලීසිය පවසන්නේ අදාළ පහරදීමට සම්බන්ධ පාසල් සිසුන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නාගොඩ, බෝවිටියමුල්ල හන්දියේ දී ඊයේ (03) දහවල් තුවාල ලැබු සිසුවාට තවත් පිරිසක් පහර දී තිබුණේ සවස 1.50ට පමණ වන අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වනශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙක් බවයි සඳහන් වන්නේ.‍

පුද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරදුන් පිරිස අතැති කඩදාසි කපනයකින් සිසුවාගේ කනට පහළින් කපා තිබෙනවා.

පහරකෑමට ලක්වු සිසුවා ඉන් මිදීම සඳහා අසල ඇති කැලයකට රිංගා දිවි බේරාගෙන ඇති අතර එම සිදුවීමට අදාළ සිසුන් පිරිස ගම්වාසීන් එක්ව අල්ලාගෙන ඔවුන්ට පහරදී පොලීසියට භාරදී තිබුණා.පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් දෙදෙනෙක් රෝහලට

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා...

මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා-රනිල්

ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට යොදා නොගැනීමට සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට එළැඹ තිබියදී ජාතික ජන බලවේගය මැයි රැලිය පැවැත්වීමට එම පිටිය යොදා ගැනීමෙන් පෙර එකඟතාව...

මාර්තුවේ නිල විදෙස් සංචිතයේ වර්ධනයක්

මාර්තු මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...

POPULAR ARTICLES

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් දෙදෙනෙක් රෝහලට

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා...

පාකිස්තානයට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් අවසර

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා. ඒ පසුගියදා කාශ්මීරයේ දී එල්ල වූ...