25 C
Colombo
Wednesday, November 13, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවට

- Advertisement -

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි.

දිගින් මීටර් 67.5කින් යුත් සබ්මැරීනයේ කාර්යමණ්ඩලය 53 දෛනකුගෙන් සමන්විත වනවා.

‘INS Vela’ සබ්මැරීනය ලබන 13 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එම කාලය තුළ එහි කාර්යමණ්ඩලය, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ එමෙන්ම ඉන්දීය නාවිකයින් පිරිස මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයින් දෙදෙනෙක් මාට්ටු

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් 345,000ක මුදලක් බලහත්කාරයෙන් කප්පම් ලබාගත්...

දින දෙකක් බාර් වැහෙන හේතුව මෙන්න

පාර්ලිමේන්තු මහමැතිවරණය හෙට (14) දිනයේ පැවැත්වෙනවා. මේ හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 14 වනදා...

මත්පැන් නිසා දෙදෙනෙකු මරුට

නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක්...

POPULAR ARTICLES