31 C
Colombo
Friday, October 18, 2024

කෝටි ගානක් වියදම් කළ සුපිරි විවාහයක් අවසන්

- Advertisement -

ඩුබායි හි පාලකයාගේ දියණිය වන ෂෙයිකා මහරා බින්ට් මොහොමඩ් බින් රෂීඩ් අල් මටූම් සිය සැමියා වන ෂෙයික් මානා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මානා අල් මක්ඛුම්ගෙන් “දික්කසාදය” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නිවේදනය ප්‍රකාශ කර ඇත්තේ, යුවළ ඔවුන්ගේ පළමු දරුවා පිළිසිදගෙන මාස දෙකකට පසුවවීම විශේෂත්වයක්

ඒ අනුව “ආදරණීය සැමියා මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි. මම ඔබව දික්කසාද කරමි, මම ඔබව දික්කසාද කරමි, මම ඔබව දික්කසාද කරමි. පරිස්සම් වන්න. ඔබේ හිටපු බිරිඳ.” ලෙසින් ඇය සිය Instagram හි සටහනක් දමා තිබෙනවා.

ඉස්ලාම් දික්කසාද පිළිවෙතක් ලෙස ත්‍රිත්ව තලාක් ආකාරයෙන් තෙවරක් දික්කසාද වන බවට ඇය ඒ අනුව සටහන් කර ඇති බව දැකගත හැකියි.

සාමාන්‍යයෙන් මුස්ලිම් ස්වාමිපුරුෂයන් හට “මම ඔබව දික්කසාද කරමි” යනුවෙන් තෙවරක් පවසා තම භාර්යාව ඉක්මනින් දික්කසාද කිරීමේ ක්‍රමවේදයක් පැවතියද බොහෝ රටවල් මෙම ක්‍රියාව තහනම් කර තිබෙනවා.

මෙම යුවළ පසුගිය වසරේ මැයි මාසයේදී අති උත්කර්ෂවත් විවාහ උත්සවයකින් අනතුරුව විවාහ වූ අතර, ඉන් මාස 12කට පසු කුමරිය හට තම දියණිය පිළිසිද ගත්තා.

ඩුබායි කුමරිය සිය Instagram ගිණුමෙන් තම සැමියා සමග සිටින සියලුම ඡායාරූප මකාදමා ඇති අතර ඇයගේ සැමියාද ඔහුගේ Instagram ගිණුමෙන් ඇයගේ ඡායාරූප සියල්ල මකා දමා තිබෙනවා.

BBC ලෝක සේවය පවසන්නේ මේ පිළිබදව නිල වශයෙන් දැනගැනීමට ඩුබායි රජයෙන් හා ලන්ඩනයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය ඇමතුවත් ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ බවයි.

ෂෙයිකා මහරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි පාලකයාගේ දියණියයි.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...