24 C
Colombo
Thursday, January 23, 2025

ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) සවස් මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග

පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ව්‍යවසායකත්ව සංවර්ධන...

ඇමතිවරුන්ට ලැබෙන පහසුකම් සහ කාර්ය මණ්ඩලය ගැන නිවේදනයක්

අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛයක් නිකුත්...

වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක්

වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් 10%කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බවට ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පවසනවා. ...

POPULAR ARTICLES