24 C
Colombo
Wednesday, November 20, 2024

කෝටි හතේ කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු

- Advertisement -

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ උදෑසන මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මලු කිහිපයක්ද රැගෙනයි.

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවා.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් හත් කෝටි 13 ලක්ෂ 27,296ක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදලද රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණා.

අනතුරුව ඔහු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැරදමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් ඇති අතර එය සීසීටීවී කැමරාවක සටහන්ව තිබු බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද සිරිවර්ධන යළි වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තා. භාණ්ඩාගාර...

පිල්ලෙයාන් CIDයට

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ...

දිලිත්ගෙ පක්ෂයේ අවුල් ජාලයක්

මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින්...

POPULAR ARTICLES