ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (20දා) රාත්‍රියේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 111ක් රැස්කිරීමට සමත් වුණා.
මෙහිදී ශෝර්නා අක්තාර් ලකුණු 25ක් හා හා රභීනා ඛාන් ලකුණු 10ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට අඩුම ලකුණු දහයේ සීමාව හෝ පසුකර යෑමට අවස්ථාවක් ලැබුනේ නැහැ.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 04ක් ලකුණු 17ක් තුල දවාගැනීමට තරම් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ තරගයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී (2/20) හා ඉනෝෂි ප්‍රියදර්ශනී (2/17) කඩුලු දෙක බැගින් දවාලමින් දක්ෂතා දැක්වූවා.
මෙම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.